කවුද? මේ වසන්ත සමරසිංහ

තඹුත්තේගම මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා 1996 වර්ෂයේ දී කැළණිය විශ්වවිද්‍යාලයට පිවිසි වසන්ත සමරසිංහ මහතා

ව්‍යාපාර කළමණාකරණ ගණකාධිකාරි විශේෂ උපාධිධාරියෙකි.

එවක කැපී පෙනුන විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයකු වූ අතර කැළණිය මහ ශිෂ්‍ය සංගමයේ සභාපති මෙන්ම අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ඉහළ පෙළ නායකයකු විය.

2004 වසරේ දී

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභාවේ ක්‍රියාකාරී සභිකයකු විය.

උතුරු මැද පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස

දිගුකාලයක් කටයුතු කළ අතර ලාංකීය වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නායකයෙකි. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව වන අන්තර් සමාගම් සේවක සංගමයේ වත්මන් සභාපතිවරයා මෙන්ම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ලෙසද වගකීම් උසුලයි.

පැවති හා පවතින ආණ්ඩු විසින් සිදුකරනු ලැබූ දූෂණ හෙළිදරව් කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන

වසන්ත සමරසිංහ සහෝදරයා දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වේ.

ක්‍රීයාකාරකම්

අනුරාධපුර නගරයේ පැවති " විද්වත් වෘත්තිකයන්ගේ සමුළුව " ඇමතීමට ආරාධනා ලැබු ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ සහෝදරයා...
sq-sample26

විද්වත් වෘත්තිකයන්ගේ සමුළුව

sq-sample26

විද්වත් වෘත්තිකයන්ගේ සමුළුව

සම්බන්ද කර ගැනිමට

ඔබට යම් කිසි ගැටලුවක් ඇත් නම් එය මා වෙත දන්වන්න.